No Job? No Problem! How Sanjeewa Built His Own Business Against All Odds

Sanjeewa Built His Own Business Against All Odds

ප්‍රශ්ණ ගොඩාක් එක්ක හැප්පිලා බිස්නස් එකත් ගොඩදාපු තරුණයෙක් තමයි සංජීව

මිනිස්සුන්ගේ ජීවිතවලට එන ප්‍රශ්ණ කියලා එන්නෙ නෑ. ඒ අතර සමහර උපාධිධාරීන් පවා රස්සාවල් නෑ කියලා ඉන්න කාලෙක සංජීව ආදර්ශවත් තරුණයෙක්. එයා ජීවිතයේ ආපු දහසක් ප්‍රශ්ණ අතර, රැකියාවලුත් කරන ගමන් බිස්නස් කිහිපයකුත් ගොඩනගාගන්න සෑහෙන්න වෙහෙසක් දරපු කෙනෙක්. මේ වන විට මුද්‍රණයට අදාල ඩයි කටින් ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් කරන ඔහුගේ වැඩ වල ගුණාත්මකභාවය නිසාම ඔහු හොයාගෙන එන අය බොහෝයි. ඒ හැම වැඩක්ම ඉතාම සියුම්ව කරන්න ඕන ඒවා. ඔහු ඒවා ඉතාමත් පරිස්සමෙන් සහ උනන්දුවට කරනවා. ඒ වගේම ඔහු ඒ හැම කෙනෙක් එක්කම කාරුණිකව සම්බන්ධතාවන් තියා ගන්නත් දක්ෂයි. එක පාරටම මට රස්සාවක් නෑ කියන්නෙ නැතුව කුසලතාවක් දියුණු කර ගත්තොත් තමන්ට ජීවත් වෙන්න ක්‍රමෝපායන් තියෙනවා කියන්න සංජීව වගේ තරුණයෝ හොදම උදාහරණයක්. ඔහුගේ අනාගත ව්‍යාපාරද සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

සටහන සහ වීඩියෝ රූප රචනය
මහින්ද රාමනායක

Accessibility Toolbar