මලක් කියන්නේ කෙනෙක්ගේ මූණට ලස්සන හිනාවක් වගේම හිත නිවෙන සතුටක් ගෙනෙන හරි අපූරු දෙයක්. පුංචි රෝස මලකට පුළුවන් අපේ දවසම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. Smile Sri Lanka අපි උත්සාහ කළේ ඒ පුංචි සතුට පාරේ යන එන සාමාන්‍ය ජනතාව අතර බෙදාහැරලා, ඔවුන්ගේ මුවඟට සිනහවක් කැඳවන්නයි.
අපි මේ රෝස මල දුන්න හැමෝම කිව්වේ එයාලා තමන්ගේ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන අයට, ඒ කියන්නේ අම්මාට, තාත්තාට මේ මල දෙනවා කියලා. ඒ වගේම තමන්ටම ආදරය කරමින් (Self-love) ඒ මල තමන් ළඟම තියාගන්න කැමති වුණු අපූරු අයත් අපිට මුණගැසුණා.
#ShareTheSmile #ShareTheLove #SmileSriLanka
Automated page speed optimizations for fast site performance