බන්දුල මීමනගේ මහතා කලක් ඡායාරූප ශිල්පියෙකුව සහ ඡායාරූප මුද්‍රණ ශිල්පියෙකු විදියට කටයුතු කරමින් සිටියේය. ඒ අතරේ ඔහු දරුණු රිය අනතුරකට ලක්ව වසර එකහමාරක් පමණ රෝහල්ගතව සිටියේය.
ඔහුගේ ආදායම කඩා වැටෙද්දී ඔහුට සවියක් වූයේ ඔහුගේ බිරිඳ සහ ඔහුගේ පුතුන් දෙදෙනාය. බිරිඳ තම පවුලේ ආදායම කඩා නොවැටෙන්නට මහත් වෙහෙසක් ගත්තාය. ඇය අසනීප තත්ත්වයෙන් වුවද දිගටම පෞද්ගලික පන්ති කරමින් පවුලට සහයක් වූවාය. රිය අනතුරකට ලක් වුවත් නිවසට වී කම්මැලිකමින් දිවිගෙවීමට අකමැති වූ බන්දුල මහතා තම බිරියට ද ආර්ථිකයට ශක්තියක් වෙමින් ඉතා කුඩාවට රෙදි සෝදන සහ පිරිසිදු කිරීමේ දියර නිෂ්පාදන කර්මාන්තයක් ඇරඹිය. වෙනත් සමාගම් හා ඉතාමත් තරගකාරී කාර්යයක් වුවත් ඔහු තමන්ගේ නිෂ්පාදනය පිළිබඳව විශ්වාසය තැබීය.
මීට වසර පහකට පමණ පෙර බන්දුල මහතාගේ බිරිඳ ද ඔහුගෙන් වියෝ වීමෙන් ඔහු තවත් අසරණ භාවයට පත් විය. එය ඉතා අභියෝගාත්මක කාර්යයක් වුවත් සහ ප්‍රායෝගිකව වැඩ කිරීමට අපහසු වුවත් බන්දුල මහතා තවමත් අත්වාරුව යොදා ගනිමින් එම කුඩා ව්‍යාපාරය කරගෙන යයි. අද කාලේ කුඩා හෝ ආබාධයට ලක් වන බොහෝ දෙනා සමාජය ඉදිරියට පැමිණ සිඟමනේ යෙදීමට පටන් ගත්තත් අනුන්ගෙන් අතපෑමට අකමැති වූ බන්දුල මහතා තමන්ගේ මේ කුඩා ව්‍යාපාරය අනුන්ට ද ආදර්ශයක් වෙමින් ඉතා ධෛර්යයෙන් යුතුව පවත්වාගෙන යන්නේය.
අංක දහය, වටරවුම් පාර, ගල්කිස්ස යන ලිපිනයේ පදිංචි බන්දුල මීමනගේ මහතා දිරියෙන් වැඩ කරනු ඔබටත් දැක බලා ගත හැකිය.
Facebook Page – https://www.facebook.com/bees21/
Automated page speed optimizations for fast site performance