තරහා යන්නෙ නැති සිරියලතා

සිරියලතා කියන්නේ පිළිකාවක් පවා තියාගෙන ජීවිතයේ ප්‍රශ්න ගණනාවක් එක්ක ඒවා අභියෝගයක් කර ගනිමින් ආපු කාන්තාවක්. සාමාන්‍යයෙන් ස්වාභාවික ආපදා වගේම පුද්ගලිකවත් එක එක්කෙනාගෙන් කරදර එන එක සාමාන්‍යයි. නමුත් තමන්ගේම පවුලේ කෙනෙකුගෙන් කරදර එන එක දරා ගන්න අමාරුයි. එවැනි සිද්ධීන්ට මුහුණදෙන අය අතරේ, සිරියලතාටත් තමන්ගේ ස්වාමියාගේ බීමට ඇබ්බැහි වීම නිසා කරදර ගොඩකට මුහුණ පාන්න සිදුවෙනවා. දරුවන් දෙන්නා ජීවත් කරවන්න විවිධ රැකියාවන් කරන ඇය, කුලී වැඩ සහ මේසන් බාස්වරුන්ට අත්වැඩ දීම වැනි පිරිමි කරන රැකියාත් කරනවා. මේ අතරේ ඇයව දාල ගියපු ස්වාමියා අපහසුවෙන් නැවත ආවම ඔහුව නැවතත් ජීවත්ව සිටින තෙක්ම බලාගන්න තරම් සිරියාවතීගේ හදවත කාරුණිකයි. ඇය අපි එක්ක කිව්වේ මට දුක හිතෙනවා, ඒත් තරහා යන්නේ නෑ කියලා. පසු කාලයේ ඇය කොළ කැඳ ව්‍යාපාරයක් කුඩාවට පටන් ගන්නවා. විශාල ප්‍රමාණයෙන් කරන තරගකාරයෙක් ඇය ළඟම තැනක කොළ කැඳ අලෙවි කරන නිසා ඇයගේ ව්‍යාපාරය අත හරින්න වෙනවා. ඊට පස්සෙ තමයි ඇය මේ ඉරිඟු විකුණන ව්‍යාපාරය කරන්න පටන් ගන්නේ. ඒත් ඇය කියන්නේ එයාලත් ජීවත් වෙන්න ඕනිනෙ කියලා. අත් හැරීම කියන දේ විවිධ ආගමික සංකල්පවල කියලා දුන්නට මේ වගේ අත්හැරීම් ජීවිතේ ප්‍රායෝගිකව කරන මිනිස්සු හරිම විරලයි. ඒක තමයි මේ සිරියලතා අම්මගේ තියෙන විශේෂත්වය. ඇය අපි එක්ක කිව්වේ අපි මැරෙන මිනිස්සුනෙ මහත්තයා කියලා. ඇයගේ පුංචි ව්‍යාපාරයට ජය ප්‍රාර්ථනා කරමු.

කතාව, රූපගත කිරීම සහ සංස්කරණය – මහින්ද රාමනායක

#ShareTheSmile #SmileSriLanka #EverydayHeroes

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Accessibility Toolbar