යතුරු පැදි ධාවන ශූර බුද්ධිකගේ අම්මාගේ දිරිය කතාව

ලංකාවේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර තරග රාශියකින් යතුරු පැදි ධාවන ශූරයෙක් වුණ බුද්ධික කසුන් ඉතාම අවාසනාවන්ත ලෙස කිසියම් පිරිසක් අනතුරකට ලක් කරලා පලා යනවා. ඔහුව රෝහල්ගත කලාම බොහොමයක් දෙනා කියන්නෙ ඔහුව ජීවත් කරවන්න බෑ හිත හදා ගන්න කියලා. හැබැයි බුද්ධිකගේ අම්ම ඒක විශ්වාස කරන්නෙ නෑ. ඒ අම්ම පියාගේ සහ එකම සහෝදරයාගේ සහය ඇතුව මරණය අතේ තියාගෙන හිටපු මේ තරුණයාව සෑහෙන්න ගොඩ ගන්නවා. ඒ එකම දෙයක් නිසා. ඒ තමයි අම්ම කෙනෙක්ගේ ආදරය. කවුරුන් හෝ වැරැද්දක් උනා කරදරයක් උනා කියලා දරුවන් අතෑරලා දානවා නම් මේ අම්ම හැමෝටම ආදර්ශයක්. බුද්ධික කසුන් ඉතාම ඉක්මනින් සුවපත් වෙලා නැවත ක්‍රීඩා කරන්න එයි කියලා එයාගෙ රසිකයෝ හැමෝම බලාගෙන ඉන්නවා. ඒ වගේම ඒ හැමෝම හදවතින්ම ආශීර්වාද කරනවා.

කතාව, රූප සහ සංස්කරණය – මහින්ද රාමනායක

#ShareTheSmile#SmileSriLanka#EverydayHeroes

Accessibility Toolbar