යතුරු පැදි ධාවන ශූර බුද්ධිකගේ අම්මාගේ දිරිය කතාව

ලංකාවේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර තරග රාශියකින් යතුරු පැදි ධාවන ශූරයෙක් වුණ බුද්ධික කසුන් ඉතාම අවාසනාවන්ත ලෙස කිසියම් පිරිසක් අනතුරකට ලක් කරලා පලා යනවා. ඔහුව රෝහල්ගත කලාම බොහොමයක් දෙනා කියන්නෙ ඔහුව ජීවත් කරවන්න බෑ හිත හදා ගන්න කියලා. හැබැයි බුද්ධිකගේ අම්ම ඒක විශ්වාස කරන්නෙ නෑ. ඒ අම්ම පියාගේ සහ එකම සහෝදරයාගේ සහය ඇතුව මරණය අතේ තියාගෙන […]

ඔයා සතුට කියලා හිතන්නේ මොකක්ද?

අපිට මුණගැහැණු සමහරු කිව්වේ එයාලා සතුට කියන්නේ නිදහසට කියලා, තවත් සමහරු කිව්වේ තමන්ගේ ආදරණීයයන් නිසා කියලා. ඔයා සතුට කියලා දකින්නේ මොන දෙයක් වුණත්, වැදගත් වෙන්නේ අපි මේ ගත කරන හැම මොහොතක්ම, තව කෙනෙක්ට කරදරයක් නොවී, අපි සතුටින් ගත කරන එක. #ShareTheSmile#ShareTheLove#SmileSriLanka#Happiness

මාදු ගඟෙන් වසර ගණනාවක් මිනිසුන් එගොඩ මෙගොඩ කරන පොඩි කිරි අයියා

2000 ලැබුණ පත්වීමෙන් 2026 අප්‍රේල් 30 වෙනිදා වෙනකන්ම මිනිසුන්ව, මාදු ගඟෙන් එගොඩින් මෙගොඩටත්, මෙගොඩින් එගොඩටත් ගෙනිච්ච පොඩි සිරි අයියාගේ මනුෂ්‍යත්වය පිරි රාජකාරී ජීවිතයේ කතාව රූප, සංස්කරණය සහ කතාව මහින්ද රාමනායක #ShareTheSmile #SmileSriLanka #EverydayHeroes

අපේ වෙරළ සහ මුහුද සුරැකීමට අපි හැමෝම එකතු වෙමු!

මොහු දවස් 15න් 15ට ලොරියක් විතර මේ එකතුකරනවා කියන්නේ, මිනිසුන් මුහුදට ගෙනත් දමන හෝ විසිකරන කැලිකසල දේවල්. ඉතින් අපි මේ ජීවත්වන පරිසරය සුරැකීම පිරිසිදු කිරීම රාජකාරිය කරගත් අයගේ වගකීමක් පමණක් නොවේ. ලස්සන රටක්, ලෝකයක් හදන්න නම්, අපි හැමෝම එකතුවෙමු. #ShareTheSmile #SmileSriLanka #EverydayHeroes

වැරදුණු ජීවිත යළි දිනවන පූජ්‍ය කේ. බෝධානන්ද හිමියන්ගේ වසර 40ක මෙහෙවර

පූජ්‍ය කේ. බෝධානන්ද ස්වාමීන් වහන්සේ අවුරුදු 40 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ මත් උවදුරට බිලි වූ අහිංසක තරුණ දරුවන් නැවත යථා ජීවිතයට ගැනීමේ විශාල මෙහෙවරක නිරත වන්නේය. උන් වහන්සේ මේ ස්ථානය ආරම්භ කරන්නේ කරෙන් බඩු ඇදල පුංචි පැල්පතක් විදියට. මේ සත්කාරය දැකලා පැහැදුණු දැන් දෙස් විදෙස් සැමගේ සහයෝගයෙන් දැන් විශාල පුහුණු මධ්‍යස්ථානයක් දැන් පැල්මඩුල්ල ප්‍රදේශයේ […]

පවුලේ හයියෙන් ගොඩනැගූ ශ්‍රියංකාගේ ව්‍යාපාරික ගමන

ශ්‍රියංකා ඉන්නෙ පැල්මඩුල්ලේ. එයාගෙ ස්වාමිපුරුෂයා රැකියාවක නිරත උනත් ඔහුට ශක්තියක් වෙන්න ඇයගේම සහෝදරියක් එක්ක ආරම්භ කරපු පුංචි කෑම කඩේ පවුලේ අයගේ හයියෙන් ඉතාම සාර්ථකව කරගෙන යනවා. ඇය ශක්තිමත් කාන්තාවක්. ඇයට විටෙක ඇයගේ දියණිය වගේම තවත් පවුලේ අය ඇවිල්ලා මේ පවුලේ ව්‍යාපාරයට උදව් කරනවා. තමන්ගේ අතින්ම හදන කෑම කන්න එන මිනිස්සුන්ට කතා බහ කරන්නෙ හරිම කරුණාවෙන්. […]

සංගීතය ජීවිතය කරගත් ප්‍රින්ස් සර්ගේ “One World Foundation” මෙහෙවර

ප්‍රින්ස් සර් කියන්නෙ ලංකාවේ රූපවාහිනී රියැලිටි වලින් පවා මුල් පෙළට තේරී පත් වුණ දක්ෂ ගායකයෙක්. ඔහු ඒ ගත්ත පන්නරය වර්ථමානයේ ඔහු වගේම ගමේ හැදුණු වැඩුණු තරුණ තරුණියන් පිරිසකට බෙදා දෙන වෙලාවක තමයි අපිට මුණ ගැසෙන්නේ. ඔහු දැනට අහුන්ගල්ලේ One World Foundation ආයතනයේ සංගීතය පිළිබඳව බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කරනවා. සංගීතය කියන දේ විෂයයකින් එහාට ගිහින් […]

කාන්තාවක් ලෙස අභියෝග ජයග්‍රහණය කරන්නේ කොහොමද කියල බතික් උපදේශිකා අනෝමා මහත්මියගෙන් දැනගන්න

අනෝමා කියන්නෙ අහුන්ගල්ලේ One World Foundation හි අවුරුදු 14 ට වඩා කාලයක් බතික් උපදේශිකාවක ලෙස සේවය කරන කෙනෙක්. ඇයගෙන් ඉගෙන ගෙන අන්තර්ජාතික මට්ටමේ ඉන්න ශිෂ්‍යයන් ඉන්න එක ගැන ඇය කියන්නෙ හරිම සතුටින්. ඒ අතරම තෘතීයික අධ්‍යාපන කොමිෂන් සභාවේ NVQ ඇගයීම්කරුවෙක් ලෙසත් කටයුතු කරන ඇය බතික් කලාවට බෙහෙවින් ආදරය කරන්නීය. One World Foundation කියන්නෙ නොමිලයේ දරුවන්ට […]

ඉවසීම නැතුව මේ රස්සාව කරන්න බෑ – විසිතුරු මැටි භාණ්ඩ හදන ශ්‍යාමලී

මැටි ගුලියකින් විසිතුරු නිර්මාණයක් කරන එක ලේසි නෑ. පුදුම ඉවසීමක් තියෙන්න ඕනි රස්සාවක් කියන්නෙ ශ්‍යාමලී. ශ්‍යාමලීගේ මුලු පවුලම කරන්නෙ මැටි භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය. ලෝක කාන්තා දිනය දවසේ හමු වූ ඇය ඉතා වටිනා අදහස් කිහිපයක් කියනවා. ඇයට මැටි වලින් විවිධාකාර නිර්මාණ කරන්න පුලුවන්. ඒවා කොයිතරම් වටිනවාද කියනවානම් ජාත්‍යන්තරයට යවන්න තරම් ඒ නිර්මාණ අනර්ඝයි. ඒ නිසාම දේශීය […]

පිරිමින්ටත් අභියෝගයක් වූ අයෝමින්දිකා

අතුරුගිරියේ පදිංචි අයෝමින්දිකා තමන්ගේ පියාගේ ව්‍යාපාරයට වූ ටයර් වැඩපළට කුඩා කාලෙ ඉඳලම එන්නෙ ඔහුගේ සහයට. ඇය උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා, පසුව රැකියාවක් පවා කළත් තමන්ගේ පියාගේ ව්‍යාපාරයට දෙන සවි ශක්තියට පසුබට වුණේ නෑ. ඒ නිසාම පියාගේ ව්‍යාපාරයේ ටයර් දැමීම, ටයර් වලට පැච් දැමීම වගේ දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම කුඩා මෝටර් බයිසිකලේ ඉඳලා මහා බැකෝ […]

Accessibility Toolbar