අසනීපෙට එළු කිරි බොන්න ගෙනාපු එළුවන්ගෙන් ජීවිතය ජය ගත්ත සිරිල් 

ආර්. ඩී. සිරිල් ඉන්නෙ මුල්ලේරියාවෙ. එයා මුලින්ම තමන්ගේ  කෘෂිකාර්මය සහ ව්‍යාපාර කරගෙන අතමිට සරුවට හිටපු කෙනෙක්. තමන්ගෙම කුඹුරෙ ගිහින් වැඩ කරද්දී කකුලේ වුණ තුවාලයක් නිසා සිරිල්ට ගොඩාක් අසාධ්‍ය වෙනවා. එයාගෙ හරක්, වාහන සියල්ලම විකුණන්න වෙනවා. 

මේ අතර සිංහල වෙදකමට යොමු වන සිරිල්ට ඒ වෙදමහත්තයාගෙන් උපදෙස් ලැබෙනවා එළු කිරි බොන එක ඉතාමත් සාර්ථක යි කියලා. ගුණාත්මකව නියම එළු කිරි බොන එක වියදම් වැඩි නිසා සහ සොයා ගැනීම දුෂ්කර නිසා ඔහු එළුවෙක් ගේනවා ඇති කරන්න.  

ඒ අතර ඒ අමතර එළු කිරි විකිණීමට පටන් ගත්ත ඔහු අද එළුවන් කිහිප දෙනෙක් හිමි කුඩා ව්‍යාපාරයක් කරනවා. තාමත් ආබාධිත කකුල සහිතව උදේ පාන්දර ඉදලා වැඩ කරන ඔහු විසින්ම ඒ ඒ නිවාස වලට ගිහින් ගුණාත්මක එළුවා කිරි විකුණලා එයත් ජීවත් වෙනවා. මිනිස්සු වැටුණු තැනින්ම නැගිටලා ඉන්නවා කියලා පෙන්නන්න සිරිල් අපිට යහපත් ආදර්ශයක්.  

සටහන සහ වීඩියෝ නිෂ්පාදනය – මහින්ද රාමනායක 

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Accessibility Toolbar