නිරෝගී බවින් යුතු මතු පරපුරක් උදෙසා කැපවෙන සුසිල් 


සුසිල් දයාරත්න කියන්නේ, කුඩා කාලයේ සිට ගොවි පවුලකින් පැවත එන නිසා දේශීය වී ගොවිතැනට පිවිස, අද වන විට සුවඳැල්, කළුහීනටි, කුරුළු තුඩ, පච්චපෙරුමාල්, මාවී වැනි සහල් වර්ග රාශියක් විදේශීය වෙළඳපොල දක්වා යවන්න දක්ෂ වූ ව්‍යාසායකයෙක්. ඔහුට මුදල් ඉපියීම සඳහා විවිධාකාර ක්‍රම තිබුණත් ඔහු තෝරාගන්නේ ඉතාම දුෂ්කර ව්‍යාපාරයක්. සාමාන්‍ය වෙළඳපොලේ තිබෙන කෘෂි රසායන කලවම් වූ සහල් මෙන් නොව මේ සහල් විශාල වශයෙන් වැවෙන්නේ නැත. යම් ලාභයක් ලබා ගැනීම සඳහා මහත් සේ වෙහෙසිය යුතුය. නමුත් කුඩා දරුවන් ඇතුළු සෑම පුද්ගලයෙකුටම වස විසෙන් තොර, ගුණාත්මක සහල් නිෂ්පාදනය කර ගුණාත්මක ආහාරයක් හිමි කර දෙමින් නිරෝගී බවෙන් සපිරි ගුණාත්මක මතු පරපුරක් බිහි කිරීම සුසිල්ගේ අදහස සහ අරමුණයි. ඔහු මේ සද්භාවයෙන් කරන ව්‍යාපාරය දියුණු වේවායි අපි සුබ පතමු.   

කතාව, රූපගත කිරීම සහ සංස්කරණය – මහින්ද රාමනායක 

#ShareTheSmile #SmileSriLanka #EverydayHeros

Accessibility Toolbar