කාන්තාවක් ලෙස අභියෝග ජයග්‍රහණය කරන්නේ කොහොමද කියල බතික් උපදේශිකා අනෝමා මහත්මියගෙන් දැනගන්න

අනෝමා කියන්නෙ අහුන්ගල්ලේ One World Foundation හි අවුරුදු 14 ට වඩා කාලයක් බතික් උපදේශිකාවක ලෙස සේවය කරන කෙනෙක්. ඇයගෙන් ඉගෙන ගෙන අන්තර්ජාතික මට්ටමේ ඉන්න ශිෂ්‍යයන් ඉන්න එක ගැන ඇය කියන්නෙ හරිම සතුටින්. ඒ අතරම තෘතීයික අධ්‍යාපන කොමිෂන් සභාවේ NVQ ඇගයීම්කරුවෙක් ලෙසත් කටයුතු කරන ඇය බතික් කලාවට බෙහෙවින් ආදරය කරන්නීය. One World Foundation කියන්නෙ නොමිලයේ දරුවන්ට […]

ඉවසීම නැතුව මේ රස්සාව කරන්න බෑ – විසිතුරු මැටි භාණ්ඩ හදන ශ්‍යාමලී

මැටි ගුලියකින් විසිතුරු නිර්මාණයක් කරන එක ලේසි නෑ. පුදුම ඉවසීමක් තියෙන්න ඕනි රස්සාවක් කියන්නෙ ශ්‍යාමලී. ශ්‍යාමලීගේ මුලු පවුලම කරන්නෙ මැටි භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය. ලෝක කාන්තා දිනය දවසේ හමු වූ ඇය ඉතා වටිනා අදහස් කිහිපයක් කියනවා. ඇයට මැටි වලින් විවිධාකාර නිර්මාණ කරන්න පුලුවන්. ඒවා කොයිතරම් වටිනවාද කියනවානම් ජාත්‍යන්තරයට යවන්න තරම් ඒ නිර්මාණ අනර්ඝයි. ඒ නිසාම දේශීය […]

පිරිමින්ටත් අභියෝගයක් වූ අයෝමින්දිකා

අතුරුගිරියේ පදිංචි අයෝමින්දිකා තමන්ගේ පියාගේ ව්‍යාපාරයට වූ ටයර් වැඩපළට කුඩා කාලෙ ඉඳලම එන්නෙ ඔහුගේ සහයට. ඇය උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා, පසුව රැකියාවක් පවා කළත් තමන්ගේ පියාගේ ව්‍යාපාරයට දෙන සවි ශක්තියට පසුබට වුණේ නෑ. ඒ නිසාම පියාගේ ව්‍යාපාරයේ ටයර් දැමීම, ටයර් වලට පැච් දැමීම වගේ දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම කුඩා මෝටර් බයිසිකලේ ඉඳලා මහා බැකෝ […]

තරහා යන්නෙ නැති සිරියලතා

සිරියලතා කියන්නේ පිළිකාවක් පවා තියාගෙන ජීවිතයේ ප්‍රශ්න ගණනාවක් එක්ක ඒවා අභියෝගයක් කර ගනිමින් ආපු කාන්තාවක්. සාමාන්‍යයෙන් ස්වාභාවික ආපදා වගේම පුද්ගලිකවත් එක එක්කෙනාගෙන් කරදර එන එක සාමාන්‍යයි. නමුත් තමන්ගේම පවුලේ කෙනෙකුගෙන් කරදර එන එක දරා ගන්න අමාරුයි. එවැනි සිද්ධීන්ට මුහුණදෙන අය අතරේ, සිරියලතාටත් තමන්ගේ ස්වාමියාගේ බීමට ඇබ්බැහි වීම නිසා කරදර ගොඩකට මුහුණ පාන්න සිදුවෙනවා. දරුවන් දෙන්නා […]

නිරෝගී බවින් යුතු මතු පරපුරක් උදෙසා කැපවෙන සුසිල් 

සුසිල් දයාරත්න කියන්නේ, කුඩා කාලයේ සිට ගොවි පවුලකින් පැවත එන නිසා දේශීය වී ගොවිතැනට පිවිස, අද වන විට සුවඳැල්, කළුහීනටි, කුරුළු තුඩ, පච්චපෙරුමාල්, මාවී වැනි සහල් වර්ග රාශියක් විදේශීය වෙළඳපොල දක්වා යවන්න දක්ෂ වූ ව්‍යාසායකයෙක්. ඔහුට මුදල් ඉපියීම සඳහා විවිධාකාර ක්‍රම තිබුණත් ඔහු තෝරාගන්නේ ඉතාම දුෂ්කර ව්‍යාපාරයක්. සාමාන්‍ය වෙළඳපොලේ තිබෙන කෘෂි රසායන කලවම් වූ සහල් […]

ෆයිබර් කර්මාන්තයෙන් රැකියා 100ක් හදන්න උත්සාහ කරන චමිල්

චමිල් කියන්නේ ජීවිතේ විවිධ අභියෝගයන්ට මුහුණ දීලා ඉස්සරහට ආපු ව්‍යවසායකයෙක්. ඔහුගේ ප්‍රධාන ව්‍යාපාරය ෆයිබර් තාක්ෂණයෙන් විවිධ නිර්මාණ කිරීම. ඒ මගින් විවිධ කලාත්මක රූප වගේම වතුර ටැංකි නිර්මාණය කිරීම අතින් ඔහු අති දක්ෂයි. ඒ වගේම නිර්මාණශීලීයි. උසස් අධ්‍යාපනයට කැමති උනත් එක්තරා කාලයක රටේ පැවති දේශපාලන වාතාවරණය නිසා ජීවිතය බේරා ගන්න කොළඹට එන ඔහු ෆයිබර් තාකාෂණය හදාරලා […]

සිප්පි කටුවෙන් ජීවිතය ජයගත් චමින්ද | Everyday Hero

තිස්සමහාරාම, කිරින්ද පූජා භූමියට ගියාම ඒ යන පාරෙ විසිතුරු බඩු විකුණන්න තියාගෙන ඉන්න චමින්ද හම්බවෙනවා. එයා කාලෙක ඉදලා සිප්පි කටු වලින් විවිධාකාර නිර්මාණ කරලා අලෙවි කරන කෙනෙක්. එයාට මුල් කාලෙ එහෙම වෙළදසැලක් දාගන්න සල්ලි නැති නිසා සිප්පිකටු වලින් කරපු නිර්මාණ අරන් ලංකාව වටේම කඩවල් වලට ගියා කියලා ඔහුගේ කතාවෙ කියනවා. ඒ වගේම  ඔහු ඒ නගරයේ […]

Sanjeewa Built His Own Business Against All Odds

No Job? No Problem! How Sanjeewa Built His Own Business Against All Odds

ප්‍රශ්ණ ගොඩාක් එක්ක හැප්පිලා බිස්නස් එකත් ගොඩදාපු තරුණයෙක් තමයි සංජීව මිනිස්සුන්ගේ ජීවිතවලට එන ප්‍රශ්ණ කියලා එන්නෙ නෑ. ඒ අතර සමහර උපාධිධාරීන් පවා රස්සාවල් නෑ කියලා ඉන්න කාලෙක සංජීව ආදර්ශවත් තරුණයෙක්. එයා ජීවිතයේ ආපු දහසක් ප්‍රශ්ණ අතර, රැකියාවලුත් කරන ගමන් බිස්නස් කිහිපයකුත් ගොඩනගාගන්න සෑහෙන්න වෙහෙසක් දරපු කෙනෙක්. මේ වන විට මුද්‍රණයට අදාල ඩයි කටින් ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් […]

තම සිහින, බලාපොරොත්තු නොනවත්වා ලුහුබඳින ප්‍රියංකා

ගමෙන් කොළඹ නගරයට වයස අවුරුදු 17න් පැමිණ අනේක විධ දුෂ්කරතා මැද ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවකට යොමු වන ප්‍රියංකා මේ වන විට තමන්ගේම ස්වයං රැකියාවක් කරමින් තවමත් ජීවිතය පිළිබඳ ධනාතාමක බලාපොරෙත්තු සහිතව ධෛර්ය සම්පන්නව කටයුතු කරන්නීය. ගුණාත්මක කොළ කැඳ ඇයගේම දෑතින් සකසා දීම සහ ඒවා ඉතාමත් ගුණාත්මක බවෙන් පාරිභෝගිකයින්ට දීමට නිරතුරුවම ඇය උත්සාහ කරන්නීය. කුමන ප්‍රශ්ණ පැමිණියත් […]

පවුල සහ බලාපොරොත්තුව කැටි කරගත් පුන්සරාගේ නොපසුබසින ගමන

පුන්සරා සිය ජීවිතයේ ගැටලු රාශියක් මැද විවිධාකාරයෙන් ආර්ථිකය ගොඩනගාගන්න උත්සාහ කරන අතර සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ප්‍රදේශයක තමන්ගේ ස්වෝත්සාහයෙන් කෑම බීම සැපයීමේ සේවාවක් පවත්වාගෙන යන්නී ය. ඇයට ජීවිතයේ ශක්තියක් වූයේ ඇයගේ මවයි. පාසල් නිමවී පැමිණෙන ඇයගේ දියණියත් මේ ඇයගේ මේ කුඩා ව්‍යාපාරයට ශක්තියක් වන්නීය. ඇයගේ බලාපොරොත්තුව ඉදිරියේ දී තමන්ගේ ව්‍යාපාරය විවිධාකාර නිෂ්පාදන ඔස්සේ දියුණු කිරීමට යි. […]

Accessibility Toolbar