වැරදුණු ජීවිත යළි දිනවන පූජ්‍ය කේ. බෝධානන්ද හිමියන්ගේ වසර 40ක මෙහෙවර

පූජ්‍ය කේ. බෝධානන්ද ස්වාමීන් වහන්සේ අවුරුදු 40 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ මත් උවදුරට බිලි වූ අහිංසක තරුණ දරුවන් නැවත යථා ජීවිතයට ගැනීමේ විශාල මෙහෙවරක නිරත වන්නේය. උන් වහන්සේ මේ ස්ථානය ආරම්භ කරන්නේ කරෙන් බඩු ඇදල පුංචි පැල්පතක් විදියට. මේ සත්කාරය දැකලා පැහැදුණු දැන් දෙස් විදෙස් සැමගේ සහයෝගයෙන් දැන් විශාල පුහුණු මධ්‍යස්ථානයක් දැන් පැල්මඩුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යනවා. උන්වහන්සේගේ උපදේශනය තමයි වැරදුණු ඕනිම කෙනෙකුට නැවත වැරැද්ද හදාගෙන යථා ජීවිතයට එන්න පුළුවන් කියන එක. ඒ වගේම දෙමාපියන්ට දෙන අවවාදය තමයි දරුවන්ට දැනෙන්න ආදරය කරන්න කියන එක. එහෙම වුණොත් කවදාවත් දරුවන් වැරැදි කරන්නෙ නැති බවද උන්වහන්සේගේ අදහසයි.

රූප, සංස්කරණය සහ කතාව මහින්ද රාමනායක

#ShareTheSmile#SmileSriLanka#EverydayHeroes

Accessibility Toolbar