කාන්තාවක් ලෙස අභියෝග ජයග්‍රහණය කරන්නේ කොහොමද කියල බතික් උපදේශිකා අනෝමා මහත්මියගෙන් දැනගන්න

අනෝමා කියන්නෙ අහුන්ගල්ලේ One World Foundation හි අවුරුදු 14 ට වඩා කාලයක් බතික් උපදේශිකාවක ලෙස සේවය කරන කෙනෙක්. ඇයගෙන් ඉගෙන ගෙන අන්තර්ජාතික මට්ටමේ ඉන්න ශිෂ්‍යයන් ඉන්න එක ගැන ඇය කියන්නෙ හරිම සතුටින්. ඒ අතරම තෘතීයික අධ්‍යාපන කොමිෂන් සභාවේ NVQ ඇගයීම්කරුවෙක් ලෙසත් කටයුතු කරන ඇය බතික් කලාවට බෙහෙවින් ආදරය කරන්නීය. One World Foundation කියන්නෙ නොමිලයේ දරුවන්ට අධ්‍යාපනය දෙන ස්වේච්ඡා සංවිධානයක්. ඉතින් කාටහරි බතික් කලාව ප්‍රගුණ කරන්න කැමති නම් ඒ පාඨමාලා එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන්. කාන්තාවන් විදියට ජයග්‍රහණය තෙක් වැඩ කරන්නෙ කොහොමද කියල ඇය මග පෙන්වාවි.

#ShareTheSmile #SmileSriLanka #EverydayHeroes

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Accessibility Toolbar