මැටි ගුලියකින් විසිතුරු නිර්මාණයක් කරන එක ලේසි නෑ. පුදුම ඉවසීමක් තියෙන්න ඕනි රස්සාවක් කියන්නෙ ශ්‍යාමලී. ශ්‍යාමලීගේ මුලු පවුලම කරන්නෙ මැටි භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය. ලෝක කාන්තා දිනය දවසේ හමු වූ ඇය ඉතා වටිනා අදහස් කිහිපයක් කියනවා. ඇයට මැටි වලින් විවිධාකාර නිර්මාණ කරන්න පුලුවන්. ඒවා කොයිතරම් වටිනවාද කියනවානම් ජාත්‍යන්තරයට යවන්න තරම් ඒ නිර්මාණ අනර්ඝයි. ඒ නිසාම දේශීය විදේශීය වෙළඳපොල දෙකටම ඇයට ඉල්ලීම් එනවා. ඇය විසින් මල් පෝච්චි, මැටි පහන්, වතුර පෙරණ ආදී විවිධ මැටි ආශ්රිත නිෂ්පාදන කරන අතර ඇයගේ ස්වාමිපුරුෂයා, මව, පුතා ඇතුලු කණ්ඩායමක් සහයෝගය දෙනවා. ඒ වගේම ඇය නිර්ලෝභීව මේ කර්මාන්තය කාන්තාවකට කියා දෙන්න වුවත් සූදානම්. විවිධ පාසල් දරුවන් පැමිණ දැනටමත් ඇයෙන් ඉගෙන ගෙන යනවා. ඉතින් ඇයගේ බලාපොරොත්තුව තමයි ගංවතුර කාලයට යටවෙන ඇයගේ ව්‍යාපාරික ස්ථානය තට්ටු කිහිපයක ගොඩනැගිල්ලක් දක්වා හදන එක. ඉතින් ඒ සියලු බලාපොරොත්තු ඉටු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
කතාව, රූපගත කිරීම සහ සංස්කරණය – මහින්ද රාමනායක
ShareTheSmile #SmileSriLanka #EverydayHeroes
Automated page speed optimizations for fast site performance