නේකවිද පසුබෑම් මැද නව අනාගතයක් ගෙත්තම් කරන නදීකා

මුලින්ම රසකැවිලි ව්‍යාපාරයක නියැලුණු නදීකා කොවිඩ් සමයේ තමන්ගේ ව්‍යාපාරය සම්පූර්ණ කඩාවැටුණු නමුත් නැවත එය වෙනස් මාවතක් ඔස්සේ ගොඩනගාගන්න සමත් වුණා. පාසල් බෑග්, කාන්තා බෑග්, පර්ස්, පාපිසි වැනි නිවසකට අවශ්‍ය සියලුම වර්ගයේ මැහුම් වලින් නිම වූ නිමි ද්‍රව්‍ය නිෂ්පාදනය අද වෙනකොට ඉතාමත් සාර්ථක මට්ටමට කරන්නට ඇය සමත් වෙලා. ඊට අමතරව ඇය කාන්තාවන් උදෙසා තමන්ගේ දැනුම නිර්ලෝභී ව බෙදා දෙමින් පන්ති පවත්වමින් එම නිෂ්පාදන කටයුතු ව්‍යාප්ත කරයි. ජීවිතයේ පැමිණි විවිධ බාධාවන් ඔස්සේ යළි නැගී සිටි නදීකාගේ බලාපොරොත්තුව තව දුරටත් මේ ව්‍යාපාරය වැඩි දියුණු කිරීමයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Accessibility Toolbar