පිරිමින්ටත් අභියෝගයක් වූ අයෝමින්දිකා

අතුරුගිරියේ පදිංචි අයෝමින්දිකා තමන්ගේ පියාගේ ව්‍යාපාරයට වූ ටයර් වැඩපළට කුඩා කාලෙ ඉඳලම එන්නෙ ඔහුගේ සහයට. ඇය උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා, පසුව රැකියාවක් පවා කළත් තමන්ගේ පියාගේ ව්‍යාපාරයට දෙන සවි ශක්තියට පසුබට වුණේ නෑ. ඒ නිසාම පියාගේ ව්‍යාපාරයේ ටයර් දැමීම, ටයර් වලට පැච් දැමීම වගේ දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම කුඩා මෝටර් බයිසිකලේ ඉඳලා මහා බැකෝ යන්ත්‍රයක ටයර් එකක් මාරු කරන්නත් අයෝමින්දිකාට පුලුවන්. එයාගේ නමේ හැටියටම අයෝමය දෑතේ හයියක් සහ මානසික ශක්තියක් ඇය සතුයි. පිරිමි එක්ක වැඩ කරන්න අමාරුයි කිව්වට ඕනෑම අභියෝගයකට මුහුණ දීලා වැඩ කරන්න පුලුවන් මහපොළොවේ ප්‍රායෝගික දැනුමක් අයෝමින්දිකා සතුයි. ලංකාවේ අපේ අය පිට රටකට ගිහිල්ලා කුඩා රැකියාවන් වල වුණත් නිරත වෙනවා. නමුත් ලංකාවේ එහෙම කරන්න මාන්නයක් තියෙනවා. ඒ වගේම සමහර අය අපිට ආදායම් මාර්ගයක් නෑ කියලා ලතවෙනවා. අයෝමින්දිකාට විශේෂයෙන්ම මේ හයිය ලැබෙන්නේ ඇයගේ පියාගේ වැඩ කරන මාමා අසනීප වෙලා වැඩ කරන්න කෙනෙක් නැති වුණ වෙලාවේ. වසරකට පමණ කාලයක් මාමා නැති අඩුව පුරවන්න වගේම ව්‍යාපාරය කඩා නොවැටෙන්න තම පියාට හයියක් වෙන්නේ පුදුම විදියට. අද කාලේ සමහර කාන්තාවන්ට අයෝමින්දිකා මහඟු ආදර්ශයක් සපයනවා. ඇයගේ කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවායි අප පතමු.


කතාව, රූපගත කිරීම සහ සංස්කරණය – මහින්ද රාමනායක

#ShareTheSmile #SmileSriLanka #EverydayHeroes

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Accessibility Toolbar