H G W ක්‍රිෂාන්ති වන ඇය සෑම සතියේ දිනකම පාස්පෝට් කාර්යාලයේ පසුපස වාහන ගාල්කරන පාරේ අසල උදේ එකොළහේ ඉඳලා දවල් දෙක තුන වෙනකම් අව්ව වැස්ස නොබලා පොඩි බයිට් පැකට් එකක් විකුණනවා අපිට දැක බලා ගන්න පුලුවන්. මේ වෙනකොට සැත්කම් පහක් කරලා තවමත් බෙහෙත් ගන්න වෙලා දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වන ඇය ඉතාමත් සිනා මුසු මුහුණින් යුතුව නිෂ්පාදනයක් වන බයිට් විකුණන්නීය.
කිසිම රසකාරකයක් නොදා නිවසේම සකසා ගන්නා බයිට් ඉතාමත් උසස් තත්වයෙන් යුතු නිෂ්පාදනයක් ලෙස ඇය විකුණන්නීය. බොහෝ දෙනා මෙවැනි තත්ත්වයකදී සිඟමන් යෙදීම කරත් එසේ නැත්නම් අනුන්ගෙන් යැපීමට උත්සාහ කළත් ඇය ඉතා ධෛර්යය සම්පන්නව සිනා මුසු මුහුණින් යුතුව තම නිෂ්පාදන විකුණන්නීය. එසේම යන එන සෑම ගනුදෙනුකරුවෙකුටම ඉතාමත් කරුණාවෙන් කතා කරනවා ද දැක ගත හැකිය.
බයිට් විකිණීමෙන් පමණක් තම දවසේ වියදම සපයා ගැනීමට නොහැකි නිසා ඇය හැකි අනිත් වෙලාවට ඇඳුම් මසන්නීය.
මේ සියලු කර්තව්‍යයන් ඇය කරන්නේ පවුලේ හෝ හිතවතෙකුගේ කිසිම සහයෝගයක් නොමැතිවය. ඒ පිළිබඳව පෞද්ගලික හේතු කියන්නට මැලි වූ ඇය ඉතා අහිංසක ලෙස තම අනාගත බලාපොරොත්තු ද අප සමග පැවසීය.
මේ තරම් රටේ ආර්ථික අර්බුද කාලයක ධෛර්යයෙන් නැගී සිටින මෙවැනි කාන්තාවන් අප රටට සම්පතකි.
සටහන සහ වීඩියෝ මහින්ද රාමනායක
Automated page speed optimizations for fast site performance