ෆයිබර් කර්මාන්තයෙන් රැකියා 100ක් හදන්න උත්සාහ කරන චමිල්

චමිල් කියන්නේ ජීවිතේ විවිධ අභියෝගයන්ට මුහුණ දීලා ඉස්සරහට ආපු ව්‍යවසායකයෙක්. ඔහුගේ ප්‍රධාන ව්‍යාපාරය ෆයිබර් තාක්ෂණයෙන් විවිධ නිර්මාණ කිරීම. ඒ මගින් විවිධ කලාත්මක රූප වගේම වතුර ටැංකි නිර්මාණය කිරීම අතින් ඔහු අති දක්ෂයි. ඒ වගේම නිර්මාණශීලීයි. උසස් අධ්‍යාපනයට කැමති උනත් එක්තරා කාලයක රටේ පැවති දේශපාලන වාතාවරණය නිසා ජීවිතය බේරා ගන්න කොළඹට එන ඔහු ෆයිබර් තාකාෂණය හදාරලා ඉන් දුෂ්කර ලෙස රැකියාව කරලා ඒ තාක්ෂණය ඉතා හොඳින් ඉගෙන ගන්නවා. අවසානයේදී ඔහු ඔහුගේම ව්‍යාපාරයක් තිස්සමහාරාම ප්‍රදේශයේ පටන් අරගෙන තවත් කිහිප දෙනෙකුටම රැකියා පවා දෙන්න සමත් වෙනවා. ඒ වගේම ඔහු ෆයිබර් මෑන් කියන අනුවර්ත නාමයෙන් පවා ජනතාව අතර ජනප්‍රිය වෙලා තියෙනවාග ඔහු කියන්නේ ඉදිරියේදී රැකියා 100ක් දෙන්නයි ඔහුගේ බලාපොරොත්තුව කියලා. ව්‍යවසායකයෙක් සතු එවැනි ධෛර්වන්ත ඉලක්කයකකට අපි හැමෝම ආශීර්වාද කළ යුතු බවයි අපේ හැඟීම. සටහන සහ වීඩියෝ – මහින්ද රාමනායක

Accessibility Toolbar