තිස්සමහාරාම, කිරින්ද පූජා භූමියට ගියාම ඒ යන පාරෙ විසිතුරු බඩු විකුණන්න තියාගෙන ඉන්න චමින්ද හම්බවෙනවා. එයා කාලෙක ඉදලා සිප්පි කටු වලින් විවිධාකාර නිර්මාණ කරලා අලෙවි කරන කෙනෙක්. එයාට මුල් කාලෙ එහෙම වෙළදසැලක් දාගන්න සල්ලි නැති නිසා සිප්පිකටු වලින් කරපු නිර්මාණ අරන් ලංකාව වටේම කඩවල් වලට ගියා කියලා ඔහුගේ කතාවෙ කියනවා. ඒ වගේම ඔහු ඒ නගරයේ නිදියපු නැති තැනක් නෑ කියලා කියනවා. මහා ලොකු අධ්‍යාපනයක් නැති වුණත් අත්දැකීමෙන් ගත්ත දැනුම් සම්භාරයක් චමින්දගෙන් ඉගෙන ගන්න තියෙනවා. ව්‍යාපාරයක් පටන් අරන් සේවකයෝ හදාගෙන ඉස්සරහට යන්න හිතන ඕනි කුඩා ව්‍යාපාරිකයෙකුට චමින්දගෙ කතාවෙන් ගන්න තියෙන දේවල් බොහොමයක් තියෙනවා. චමින්ද දැන් ලී බඩු නිෂ්පාදනයට අත තියලා, ඉස්සරහට ඒක දියුණු කර ගන්නයි කල්පනා කරන්නෙ. ඔහුගේ අනාගතය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Automated page speed optimizations for fast site performance