යුධ හමුදාවේ වෙඩි වැදුණු සැමියාට සවියක් වෙන්න ඉඩම් වෙළෙඳාමට ආව රෝෂිණී

රෝෂිණී පෙරේරා කියන්නෙ දරුවන් තුන් දෙනෙකුගේ මවක්. ඒ වගේම ඇයගේ සැමියා යුධ හමුදාවේ සේවයේ සිටිද්දී වෙඩි වැදුණු කෙනෙක්. ගෙදර දරුවන් තිදෙනකුගේ වියදම් දරා ගැනීම වගේම විශාල බර වැඩ කරන්න අපහසු සැමියාට සවියක් වෙන්නට කිසියම් ව්‍යාපාරයකට අත ගහන්න හිටපු රෝෂිණී රැකියාවන් කිහිපයක්ම කරනවා. ඒ අතර තමයි ඉඩම් විකුණන සමාගමක රැකියාවක් කරන්න යන්නෙ. ඒ අතර ඇයට අදහසක් එනවා ඇයටත් ඉඩම් විකුණන ව්‍යාපාරයකට අත තියන්න ඕනි කියලා. ඉතින් රටේ දැවැන්ත ව්‍යාපාරයකයින් පමණක් වගේම බොහොමයක් වෙලාවට පිරිමි පාර්ශවය කරන රැකියාවක් තමයි ඉඩම් විකිණීම. නමුත් කුඩා මුදලකින් සමාජයේ දන්නා කියන අයගේ උදව් අරගෙන රෝෂිණී ඉඩම් විකුණන ව්‍යාපාරයකට අත තියනවා. ඇයගේ දරුවන් තිදෙනාම ඉතාමත් දක්ෂ ලෙස අධ්‍යාපනයත් හදාරනවා. ඒ ඇයගේ ශක්තිය ධෛර්යය නිසා. යුධ හමුදාවේ විශ්‍රාමික සැමියා ද රෝෂිණීව තනි නොකර ඇයගේ ව්‍යාපාරයට සවියක් වෙනවා. සමහර දැවැන්ත ව්‍යාපාරයකයින්ගෙන් මරණ තර්ජන පවා ආවා කියලා රෝෂිණී කියනවා. එහෙම ප්‍රශ්න මැද්දේ ව්‍යාපාරයක් කරන කාන්තාවන්ට අපි සමාජයක් විදියට අත දිය යුතු නොවේද ?

සටහන හා වීඩියෝ නිර්මාණය – මහින්ද රාමනායක

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Accessibility Toolbar